Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දෙදරු මවගෙන් ආශාවන් සංසිඳුවාගෙන පැන  ගිය සැකකරුට වැඩ වරදියි! විදෙස්ගත සැමියාගේ උපදෙස් මත කාන්තාව ක්‍රියාත්මක වෙයි!

5.1 K

වයස අවුරුදු 32ක දෙදරු මවක් බලහත්කාරයෙන් දූෂණය කළ බව කියන 38 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව උදාසිරිගම පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව, ලුණුවිල, තෙරේසා වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වුණේ.

අදාළ කාන්තාවගේ සැමියා මේ වනවිට විදෙස් ගතව සිටින අතර, පසුගිය 05 වනදා මෙම කාන්තාව දරු දෙදෙනා සමඟ නිවසේ සිටි අවස්ථාවේ දී සැකකරු විසින් ඇයව දූෂණය කර පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එදින රාත්‍රී 9.00ට පමණ එම කාන්තාව නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ සැකකරු මෙම අපරාධය සිදුකර තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් කාන්තාව විදෙස් ගතව සිටින සැමියාට දැනුම් දී ඇති අතර, සැමියාගේ උපදෙස් මත ඇය අපරාධය සන්බන්ධයෙන් උදාසිරිගම පොලීසියට පෙරේදා (06) පැමිණිල්ලක් කර ඇති බව සඳහන්.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දූෂණයට ලක්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාරවිල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *