අද (08) සිට තිරිඟු පිටි මිල අඩු කිරීමට ප්‍රීමා සහ සෙරන්ඩිබ් සමාගම් තීරණය කර තිබේ.
ඒ අනුව ප්‍රීමා සහ සෙරන්ඩිබ් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 15කින් අඩු කෙරෙනු ඇත.
මේ අතර සීනි කිලෝවක තොග මිල රුපියල් 20ත් 30ත් අතර මිලකින් පහළ දැමීමට පියවර ගෙන ඇති බව පිටකොටුව ආනයනකරුවන්ගේ සහ තොග වෙළෙඳුන්ගේ සංගමය පවසයි.
එම සංගමය පෙන්වා දෙන්නේ ඊයේ (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වනපරිදි එම තීරණය ගෙන ඇති බවය.
එමෙන්ම පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40 කින් අඩු කර තිබෙනවා.
ළුෑණුවල තොග මිලද ඩොලරයේ සිදු වූ වෙනසට සාපේක්ෂව පහත වැටී ඇත.
රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සුදු සීනි සහ පරිප්පු තොග මිල මෙසේ අඩු කළ බව තොග වෙළඳුන් කියා සිටිති.
තොග මිල අඩුවිමට සාපේක්ෂව ඉදිරියේදී පරිප්පු හා සීනිවල සිල්ලර මිලෙහිද අඩුවිමක් සිදුවෙනු ඇත.