Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් සිසුන් සඳහා කාල පරිච්ඡේද 12ක විෂය නිර්දේශයකින් යුත් නව විෂයක් ඉගැන්වීමේ සූදානමක්

7 months ago 5.3 K

රටේ නීති පද්ධතිය පිළිබඳ දැනුම පාසැල් දරුවන් වෙත ලබා දීමේ වැඩපිළිවලක් ක්‍රියාවට නංවන බව විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා පවසයි.

සාමාන්‍ය පෙළ සිසුන් වෙත නීතිය පිළිබඳ දැනුම ලබා දීමට යෝජනා වී ඇති බව ඔහු සඳහන් කළේය.

“දැනට වසර 7 – 8ක් තිස්සේ අපි යෝජනා කරලා තියෙනවා රටේ මුලික නීති පද්ධතිය පිළිබඳ අධ්‍යයනය සාමාන්‍ය පෙළ සිසු දරුවන්ට ලබාදෙන්න. අමාත්‍ය මණ්ඩලය ඒ පිළිබඳ තීරණයක් අරගෙන සාමාන්‍ය පෙළ දරුවන්ට කාලපරිච්ඡේද 12ක් නීතිය ඉගෙන ගැනීමට අවස්ථාව සැලසෙන්න ඒ අදාළ අධ්‍යාපන විෂය නිර්දේශ සකස් කරන්න උපදෙස් දීලා තියෙනවා. අපි බලාපොරොත්තු වුණේ 2023 දී ක්‍රියාත්මක කරන්න. මම දන්නේ නෑ හරියටම මේ අවුරුද්දේ ක්‍රියාත්මක වෙනවා ද කියලා. මේ අවුරුද්දේ නැත්නම් ඊළඟ අවුරුද්දේ නිර්දේශවලට අපි බලාපොරොත්තු වෙනවා ඇතුළත් කරන්න. මොකද රටේ හැම පුරවැසියෙකුට ම අවබෝධයක් තියෙන්න ඕනේ රටේ තියෙන මුලික නීතිය සහ තමන්ට තියෙන අයිතිවාසිකම් මොනවා ද ? කියලා. බොහෝදෙනෙක් අපේ රටේ දන්නේ නෑ තමාට තියෙන අයිතිවාසිකම් මොනවා ද කියලා. ඒ නිසා සමහර වෙලාවට දේශපාලඥයෝ රාජ්‍ය නිලධාරීන් අයුතු ප්‍රයෝජන ගන්නවා. ඒ නිසා තමයි අපිට අලුත් නීති රැසක් පනවන්න වෙලා තියෙන්නේ.”

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *