Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සිරිසුමන හිමි අල්ලන්න වරෙන්තු නිකුත් කරයි

2 years ago 2.1 K

බොරැල්ලේ සිරිසුමන හිමියන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස දන්වමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (08 වැනිදා) වරෙන්තු නිකුත් කළේය.

අධිකරණය හමුවේ විභාග වන නඩු කිහිපයක් විභාගයට ගන්නා අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනි නොසිටි කඩවත වෑබඩ සමාධි අරණ විහාරස්ථානයේ වැඩ වාසය කරන සිරිසුමන හිමියන් අත්අඩංගුවට ගැනීමට මහෙස්ත්‍රාත්වරයා එලෙස වරෙන්තු නිකුත් කළේය.

තිළිණි ප්‍රියමාලි සමග මුදල් වංචාවකට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියකට අදාළව බොරැල්ලේ සිරිසුමන හිමියන් අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබිණි.

මෙම නඩුවේ සැකකාරියක වන ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන විමර්ශන කටයුතුවලට සහාය නොදක්වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනවලට සහාය දක්වන ලෙසට ජානකී සිරිවර්ධන නමැති සැකකාරියට අවවාද කළ මහෙස්ත්‍රාත්වරයා, ඉදිරියේදී විමර්ශන කටයුතුවලට බාධා කරන බවට කරුණු අනාවරණය වුවහොත් ඇප අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බවද ප්‍රකාශ කළේය.

මෙම සිද්ධියට අදාළව දැනට ඇප මත මුදා හැර සිටින තිළිණි ප්‍රියමාලි, ඉසුරු ශම්මික බණ්ඩාර, කසුන් පෙරේරා, නල්ලසියා ජය මෝහන් යන සැකකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියහ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *