Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නවසීලන්ත  තරගයේදී කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්නගෙන් නව වාර්තාවක්

1 year ago 2.5 K

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද(9) ක්‍රයිස්චර්ච් හී දී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී නව වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් වුණා.

දිමුත් අද වාර්තා අතරට එක් වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ ආරම්භක පිතිකරුවා ලෙසයි.

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි දිමුත් මෙම ඉනිමේ දී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 50 ක්.

දිමුත් මේ වන විට ආරම්භක පිතිකරුවෙකු ලෙස වාර්තා කර ඇති ටෙස්ට් ලකුණු ප්‍රමාණය 5,980 ක්.

ඔහුට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ තරග 90 කදී ටෙස්ට් ලකුණු 5,932 ක් ආරම්භක පිතිකරුවෙකු ලෙස වාර්තා කර තිබූ සුපිරි පිතිකරු සනත් ජයසූරියයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *