Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්

2 years ago 5.2 K

අපොස උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු නියමිත පරිදි නිම කිරීමට නොහැකි වුවහොත් සාමාන්‍ය පෙළ විභාගයද යළි කල්දැමීමේ අවධානමකට මුහුණදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා අද (09) පාර්ලිමේන්තුවේදී නැඟූ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

“විභාග උත්තර පත්‍ර පරීක්ෂා කිරීම නිශ්චිත වකවාණුවේ අපි ඉවර කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් ප්‍රතිඵල පමාවෙනවා. එහෙම වුණොත් ඊළඟ විභාගය කල්යනවා. එහෙම වුණොත් ඒක සාමාන්‍ය පෙළ විභාගයටත් බලපාන්න පුළුවන්. සාමාන්‍ය වාර සටහනටත් ඒක බලපානවා. ඒක නිසා මම ඉල්ලීමක් කරා සියලුදෙනාගෙන්ම ඊයේ හම්බුණ වෘත්තීය සමිතිවලිනුත් ඔබතුමන්ලා එකඟවෙලා මේකේ විසඳුම් ක්‍රියාමාර්ගයට එන්න. අපිට පුළුවන් ප්‍රමාණය අපි දැන් අමාත්‍යංශය හැටියට කරලා තියෙනවා. ඒ නිසා ඔබතුමන්ලා යහපත් ප්‍රතිචාරයක් දක්වන්න කියන ඉල්ලීම කරා විශේෂයෙන්ම මේ දරුවන් වෙනුවෙන්. මොකද අපි දීමනා යම් ප්‍රමාණයකින් වැඩි කළා ආර්ථික අපහසුතාවය මැද වුවත්. ඒ ගැන සලකා බලලා දරුවන් වෙනුවෙන් ඒ කටයුත්ත කරන්නැයි කියන ඉල්ලීම මං කරලා තියෙනවා දෙපාරක් හම්බෙලා තියෙනවා නිල වශයෙන්. නොනිල වශයෙන් ඒ අයට දැනුම්දීලත් තියෙනවා.”

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *