Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වසන්ත මුදලිගේට සිතාසි

2 years ago 1.4 K

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ  නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන අභියාචනය ලබන 27 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා අදාළ අභියාචනයේ වගඋත්තරකරු ලෙස නම් කර සිටින වසන්ත මුදලිගේ වෙත සිතාසි නිකුත් කරන ලෙසද එම නියෝගයේ සඳහන් බවයි වාර්තා වන්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වසන්ත මුදලිගේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය  ඉකුත්දා නියෝග කළා.

එම නියෝගය නීතියට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් මෙම අභියාචනානය කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *