මොරන්තුඩුව ධම්මානන්ද විද්‍යාලයේ 11 ශ්‍රේණියේ සිසුවකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන එම විද්‍යාලයේ සිසුන් පිරිසකගෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව මොරන්තුඩුව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විද්‍යාලයේම දහවන වසරේ සහ දොළොස් වන වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනෙකි.
පහර කෑ සිසුවා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහුගේ දකුණු පාදයේ අස්ථියක් බිඳීම හේතුවෙන් ශල්‍යකර්මයට ලක්කර ඇති බව පොලීසිය සඳහන් කරයි.
පහර කෑ සිසුවා මීට පෙර තවත් සිසුවෙකුට පහර දීමේ සිද්ධියක් මුල් කරගෙන ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී මෙම පහරදීම සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පහර දුන් බව කියන තවත් සිසුන් තිදෙනෙක් හඳුනාගෙන ඇති අතර එම සිසුන් ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සිසුන් තිදෙනා පොලිස් ඇප මත මුදාහැර අදාළ පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.