Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මිත්තණිය භාරයේ සිටින 18 හැවිරිදි තරුණිය රවටාගෙන ලොරියක නංවාගෙන ගොස් සිදු කළ අපරාධය

2 years ago 2.3 K

ප්‍රවාහන පහසුකම් ලබාදෙන මුවාවෙන් 18 හැවිරිදි තරුණියක් ලොරි රථයට නංවාගෙන ගොස් දූෂණය කිරීමේ සිද්ධියක් වාර්තා විය.

සැකකරුවන් විසින් ඇයව වාද්දුව ප්‍රදේශයේ හුදකලා වත්තකට රැගෙන ගොස් වරින්වර දූෂණය කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බවය.

අතවරයට ලක්වූ 18 හැවිරිදි තරුණිය කළුතර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.

පානදුර ප්‍රදේශයේ වෙළෙඳසැලක සේවය කරන අදාළ තරුණිය සේවය නිමවා රාත්‍රියේ නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක් ඇය අසල නවතා හැඳුනුම්කමක් පෙන්වා  ඉතා සූක්ෂම ලෙස ඇයව ලොරියට නංවාගෙන තිබේ.

ලොරි රථය පින්වත්ත දෙසට ගමන් කිරීමේදී තමන්ට බැසීමට අවශ්‍ය බවට තරුණිය පවසා ඇති අතර රථය නොනවත්වා වාද්දුව ප්‍රදේශයේ පාළු වත්තකට ධාවනය කර ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තරුණිය පොලීසියට ප්‍රකාශයක් ලබාදී ඇති අතර ඒ අනුව රියදුරා සහ අනෙක් පුද්ගලයා ඇයව වරින්වර දූෂණය කළ බවට අනාවරණය වී ඇති බව විමර්ශනය සිදුකරන පොලිස් නිලධාරියෙකු පැවසීය. 

උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ, එම තරුණිය මිත්තණිය භාරයේ හැදීවැඩී ඇති අතර මව බන්ධනාගාරගතව ඇතැයි ද මවගේ තෙවන සැමියා මත්කුඩු චෝදනාවක් හේතුවෙන් බන්ධනාගාරගතවී සිටින බවද හෙළිවී ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *