රාජ්‍ය විරෝධී විරෝධතා හෝ කැරලිවලට සම්බන්ධ වන කණ්ඩායම්වලට ඉදිරියේදී රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා ලබා නොදීමට රජය දැඩි තීන්දුවක් ගෙන ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් මෙරට ප්‍රමුඛ පෙළේ පුවත්පතකට ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.
එවැනි විරෝධතා හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවලට සම්බන්ධ වන්නන් හඳුනාගෙන ඔවුන් ගැන රජය මින් ඉදිරියට වාර්තාවක් පවත්වා ගෙන යාමට කටයුතු කරන්නේ යැයි ද එම ප්‍රකාශකයා කීය.
මෙකී වාර්තා දත්ත බැංකුවක් ආකාරයෙන් පවත්වා ගෙන යාමට කටයුතු කර එවන් පුද්ගලයන් ඉදිරියේදී රජයේ රැකියා සඳහා අයැදුම් කළ විට ඔවුන් අදාළ රැකියාව සඳහා නුසුදුස්සන් සේ සැලකීමට පදනම් ලේඛනයක් කරගන්නේ යැයි ඔහු කීවේ ය.
රජයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාවකට බඳවා ගැනීමේදී රාජ්‍ය විරෝධී ක්‍රියාවලට සම්බන්ධ වී ඇත්දැයි පොලිස් හා ග්‍රාම නිලධාරි වාර්තා ලබා ගැනීම සාමාන්‍ය ක්‍රියාපටිපාටිය වන නමුත් උපාධිධාරීන්ට රජයේ රැකියා අවස්ථා ලබා දීමේදී මෙවැනි දේ කෙරෙහි විශේෂ අවධානයක් මේ වෙන තුරු යොමු නොකළේ යැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.
එහෙත් මින් ඉදිරියට එය විශේෂ සුදුසුකමක් හෝ නුසුදුසුකමක් ලෙස තීරණාත්මක වනු ඇති බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.