මෙරටට විදේශ මුදල් එවූ ශ්‍රමිකයින් වෙනුවෙන් තීරු බදු සහනයක් සහිතව විදුලි වාහන ආනයනය කිරීමේ වැඩසටහන ඊයේ (09) සිට ආරම්භ කර තිබේ.
එලෙස ශ්‍රී ලංකාව වෙත ගෙන්වන ලද වාහන රේගුව විසින් නිදහස් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.
විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවේ පසුගිය වසර අවසානය වනවිට විදේශ ප්‍රේෂණ ඩොලර් මිලියන 475 දක්වා වර්ධනය වී ඇති බවයි.
එලෙස විදේශ ප්‍රේෂණ වැඩිවීමට මෙම වැඩපිළිවෙල ඉවහල් වී ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
විදේශගත ශ්‍රමිකයින්ගේ මුදල් මෙරට එවීමේදී නීත්‍යානුකූල ලෙස එවන අවස්ථාවන්හිදී එම ප්‍රමාණය මත පදනම්ව විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවිය.
අදාළ විද්‍යුත් වාහන ගෙන්වීමේදී ගෙවිය යුතුවන බදු මුදල් විදේශ ව්‍යවහාර මුදල් ඒකකයකින් ගෙවීමද සිදුකළ යුතු වේ.