Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුරු – විදුහල්පති වර්ජනයක්! දිවයිනේ සියලුම පාසල්හි වැඩ කටයුතු නතර වන ලකුණු!

2 years ago 13.7 K

මාර්තු මස 15 වනදා ගුරු  – විදුහල්පති වැඩ වර්ජනය ස්ථිරවම පැවැත්වෙන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය පවසයි. 

නිවේදනයක් නිකුත් කරමින් එම සන්ධානය පවසන්නේ, 15 වනදා රාජ්‍ය, අර්ධ රාජ්‍ය, පෞද්ගලික හා වතු ක්ෂේත්‍රවල සියලුම වෘත්තීය සමිති එක්ව කැඳවා අති “ආණ්ඩුවේ පීඩනයට එරෙහිව වැඩ කරන ජනතාවගේ විරෝධය” නමින් වූ එක්දින වැඩ වර්ජනයක් සංවිධානය කර ඇති බවය.

එම වර්ජනයට සියලුම ගරු – විදුහල්පතිවරු, ගුරු උපදේශකවරු, පිරිවෙන් ගුරුවරු, උපකෘත පාඨශාලා ගුරුවරු සම්බන්ධ කිරීමට ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත. 

ඒ අනුව, දිවයින පුරා පාසල්වල සියලු ගුරුවරු, විදුහල්පතිවරු, පිරිවෙන් ගුරුවරු, උපකෘත පාඨශාලා ගුරුවරු සහ ගුර උපදේශකවරු ඉල්ලීම් 8ක් වෙනුවෙන් එම වර්ජනයට සහභාගී වන බව එම නිවේදනයේ දැක්වේ.

මේ අතර දිවයින පුරා කලාප අධ්‍යාපන කාර්යාල මට්ටමින් උද්ඝෝෂණවල තිරත වීමද සිදුකරනු බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *