Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මඩ වගුරකින් හමු වූ මධුවන්තිගේ මරණයට සැකපිට හමුදා සෙබළෙකු අත්අඩංගුවට! පොලිස් සුනඛයා කිලෝ මීටර් තුනක් දුරින් පිහිටි සැකකරුගේ නිවස සොයා ගිහින්!

2 years ago 4.1 K

අලවතුගොඩ පොලිස් වසමේ පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේ නිවසක රාත්‍රී කාලයේ තනිව සිටි 25 හැවිරිදි විවාහක කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ සක්‍රීය සේවයේ නියුතු පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම කාන්තාවගේ සැමියා රාත්‍රී මළගෙදරක ගොස් සිටියදී ඉතා අභිරහස් ලෙස මෙම කාන්තාව ඝාතනයකොට එම නිවස අසල වෙල් යායක මඩ වගුරක දමා තිබියදී ප්‍රදේශවාසීන් පෙරේදා(11) දහවල් සොයාගෙන තිබුණි.

එසේ ඝාතනය කොට තිබුණේ ධනුකා මධුවන්ති ජයතිලක (26) නැමැති කාන්තාවකි .

අලවතුගොඩ පොලීසියට මහත් අභිරහසක් වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු හෝ අත්අඩංගුවට ගැනීමට උපකාරී වී ඇත්තේ පොලිස් නිල සුනඛයෙකි.

එම පොලිස් නිල සුනඛයා ඝාතනය සිදු සිදු වූ ස්ථානයේ සිට කිලෝමීටර් තුනක් පමණ ගොස් අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා නිලධාරියාගේ නිවසට ගොස් සැකකරු සිටි කාමරයටම ගොස් හින්දගත්බ ව පොලිසිය කියයි .

අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි වියේ පසුවන අතර ඔහු හමුදා සේවයේ සිටියදී වෙඩි වැදී තුවාල සිදුවීම හේතුවෙන් යුද හමුදාවේ සැහැල්ලු රාජකාරි වල නිරතව සිටින පුද්ගලයකු බවත් ඔහු අවස්ථා කිහිපයකදීම මෙම කාන්තාවට විවිධ යෝජනා සිදු කොට ඇති බවට ද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පෙරේදා රාත්‍රී 9.50ට පමණ සැමියා වෙළෙඳසැළ වසා දමා අවමඟුල් උත්සවයකට සහභාගී වන බව පවසා තරුණිය එම ස්ථානයෙන් පිටව ගොස් තිබේ.

පසුව ඔහු අලුයම 2ට පමණ නැවත නිවසට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුරුව අලුයම් කාලයේදී ඔවුන් දෙදෙනා පදිංචි නිවස දෙසින් කෑගසන ශබ්ද ඇසුණු බවට ප්‍රදේශවාසීන් පොලීසියට පවසා තිබේ.

මියගිය තරුණිය සහ ඇයගේ සැමියා අතර පවුල් ආරවුල් පැවැති බවටද ප්‍රදේශවාසීන් පවසා ඇති බව පොලීසිය ප්‍රකාශ කරයි.

මෙය ඝාතනයක් බවට සැක මතුවන බැවින් සැමියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලීසිය සඳහන් කළේය.

මියගිය කාන්තාවගේ මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබූ අතර අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතාගේ මෙහෙයවීමට යටතේ වැඩිදුර විමර්ශන සිදු සිදුකිරීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *