Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාත්මකවීම නුදුරේදීම! අරඹමින් රාජ්‍ය සේවකයින් 3700ක් දොට්ට දමන ලකුණු!

2 years ago 2.5 K

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ යටතේ දැනට සිටින තෙල් සේවකයන් 3700 දෙනකුට ආසන්න පිරිසකට රැකියා අහිමිව යන බව තෙල් සංස්ථාවේ ආරංචි මාර්ග පැවසුවා.

තෙල් සංස්ථාව (සිපෙට්කෝ) සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම (සී.පී.එස්.ටී.එල්) යන ආයතන දෙකේ මේ වන විට සේවකයෝ 4200 දෙනෙක් පමණ සේවය කරනවා.

කෙසේවෙතත් ඉන්ධන බෙදාහැරීම, ගබඩා කිරීම ආදී කටයුතු සඳහා සේවකයන් පන්සියයක් හොඳටම ප්‍රමාණවත් යැයි ඉකුත්දා පැවැති සාකච්ඡාවකදී නිලධාරීන් රජයට පවසා තිබෙනවා.

ඒ අනුව අතිරික්ත සේවකයන් විශ්‍රාම ගැන්වීම සඳහා ස්වෙච්ඡා විශ්‍රාම ගැන්වීම් ක්‍රමයක් (VRS) හඳුන්වා දීමට නියමිතයි.

විවිධ පාලනයන් යටතේ තෙල් ඇමැතිවරුන් දේශපාලන හිතවතුන් සංස්ථාවට බඳවාගෙන ඔවුනට අතිවිශාල වැටුප් හා අතිකාල, බෝනස් ඇතුළු අනෙකුත් වරප්‍රසාද ලබා දෙමින් කටයුතු කළත් ලංකා ඉන්දීය තෙල් සමාගමේ සිටින්නේ සේවකයන් සියයක් පමණ පිරිසක් බවද අනාවරණය වී තිබෙනවා.

තෙල් සංස්ථාව ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට පෙර දේපළ, වත්කම් පිළිබඳ විගණනයක් සිදුකරන බවත් ඉදිරි මාස කිහිපය ඇතුළත අදාළ කටයුතු නිම කිරීමට කටයුතු කරගෙන යන බවත් වාර්තා වනවා.
-asianmirror-

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *