Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ 15 හැවිරිදි පාසල් සිසුවා පිටු 7ක ලිපියක් ලියා තට්ටු තුනක ගොඩනැගිල්ලකින් පහලට පනියි

6 months ago 4.9 K

යාපනය හින්දු විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු පාසලේ ගොඩනැගිල්ලක තුන්වෙනි මහලෙන් බිමට පැනීමේදී විදුලි රැහැනක පැටලී බිම වැටීමෙන් තුවාල ලබා අසාද්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කොට ඇතැයි යාපනය පොලීසිය පවසයි.

මෙම සිසුවා පාසල් ගොඩනැගිල්ලේ තුන්වැනි මහලේ සිට බිමට පැන ඇති අවස්ථාවේදී දෙවැනි තටට්ටුවට ඇද තිබූ විදුලි රැහනක පැටලී බිමට වැටීම හේතුවෙන් සිසුවාගේ ජීවිතය බේරී ඇතැයි පොලීසිය කියයි. 

කෙසේ වෙතත් බිමට වැටුණු සිසුවා බරපතලව අසාද්‍ය තත්වයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට අනෙකුත් සිසුන් ඇතුලු ආචාර්ය මණ්ඩලය විසින් පියවර ගෙන ඇති අතර සිසුවාගේ තත්වය බරපතල බවටද රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම පාසල් සිසුවා මෙලෙස සිදු කිරීමට හේතුව නිශ්චිතවම අනාවරනය වී නොමැති අතර, සිසුවා පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වී සිටි බවට කරුණු අනාවරණය වී තිබේ.

සිසුවාගේ පොත් බෑගය පරීක්ෂා කිරීමේ දී ඔහුගේ ජීවිතය හා පරිගණක ක්‍රීඩාව ගැන තොරතුරු සදහන් කරමින් ඔහු විසින් ලියා තිබූ පිටු 7ක ලිපියක් ගුරුවරුන්ට හමු වී තිබේ.

එම ලිපියේ සඳහන් තොරතුරුවලට අනුව එම පරිගණක ක්‍රීඩාවේ නිරත වන පිරිස ඔහු වෙත ලබා දෙන යම් අභියෝගයක් බාර ගත යුතු ව ඇති අතර, මේ සිසුවා ද එවැනි අභියෝගයක් බාර ගනිමින් පාසලේ තට්ටු ගොඩනැගිල්ලෙන් බිමට පැනීමට තීරණය කර ඇති බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *