Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අද දින බැංකු කටයුතු ක්‍රියාත්මක වන ආකාරය හා ඉන්ධන බෙදාහැරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

6 months ago 4.1 K

සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සඳහා මේ වන විට කටයුතු යොදා ඇති බව CPSTL සභාපති එම්.යූ. මොහොමඩ් තහවුරු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහැරීම සඳහා මේ වන විට පෙට්‍රල් සහ ඩීසල් ලීටර් 6,600ක ධාරිතාවකින් යුත් බවුසර් 300කට අධික ප්‍රමාණයක් සූදානම් කර ඇති බවයි සඳහන් වන්නේ.

එසේම තමන් කිසිදු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නොයෙදෙන බවත් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තම සහයෝගය ලබා දෙන බවත් ලංකා විදුලිබල මණ්ඩල මුදල් භාර නිලධාරී සංගමය විසින් ලංවිම සාමාන්‍යාධිකාරී වෙත දැනුම් දී ඇති බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මේ අතර මහජන බැංකු ශාඛා 340න් 272ක් පූර්ණ ලෙස අද දින ක්‍රියාත්මක වන බවත්, පෙරවරු 10.30 වන විට කාර්‍ය මණ්ඩලයේ පැමිණීම 75% ඉක්මවූ බවත් මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා මහතා තහවුරු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මහජනතාවට සේවය කිරීම සඳහා ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ සියලුම අංශ ඇතුළු ශාඛා 265ක බැංකු සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ලංකා බැංකුවේ සාමාන්‍යාධිකාරී රසල් ෆොන්සේකා තරවුරු කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *