Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සේවිකාව දිවි නාසාගත් බව අසා කෝටිපති ස්වර්ණාභරණ ව්‍යාපාරිකයාත් දිවි නසාගෙන

5.3 K

යාපනයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවි මධ්‍යස්ථානයක හිමිකරු සහ එහි සේවය කළ සේවිකාවක් ඊයේ (14) දින ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී ඔවුන්ගේ මළසිරුරු දෙක හමු වූ බවට යාපනය පොලීසිය පවසයි.

මිය ගොස් සිටි ස්වර්ණාභරණ අලෙවිසැලේ හිමිකරුගේ සහ සේවිකාවගේ සිරුරු ඔවුන්ට අයත් නිවෙස්වල තිබී පොලීසිය විසින් සොයාගෙන ඇත.

පළමුව ඊයේ (14) උදෑසන ස්වර්ණාභරණ අලෙවිසැලේ සේවිකාව ඇයගේ නිවසේදී ගෙලවැලලාගෙන මිය ගොස් ඇති අතර අදාල සේවිකාව සේවයට නොපැමිණීම හේතුවෙන් හිමිකරු විසින් සොයා බැලීමේදී අදාල සේවිකාව ගෙලවැලලාගෙන ඇති බවට ඔහුට ආරංචි වී තිබේ.

පසුව ස්වර්ණාභරණ අලෙවිසැලේ අයිතිකරු එම ස්ථානයට ගොස් දුක් වී පවුලේ ඥාතීන්ට අවසන් කටයුතු කරගෙන යාම සදහා මුදල් ආධාරයක්ද ලබා දී ආපසු පැමිණ ඇත.

එම සිද්ධියෙන් පැය දෙකකට පමණ පසුව ස්වර්ණාභරණ අලෙවිසැලේ හිමිකරුද යාපනයේ ආනයිපාණ්ඩි නාවලර් වීදියේ පිහිටි සිය නිවස තුළ ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී පොලිසියට ඔහුගේ මළ සිරුර සොයා ගැනීමට හැකි වී තිබේ.

මේ අතර, තරුණිය ගෙළ වැළලාගෙන මියයාමෙන් පසුව තරුණියගේ ඥාතීන් කීප දෙනෙකු ව්‍යාපාරිකයා එම මරණයට වගකිව යුතු බව ප්‍රකාශ කරමින් ඔහුට බැන වැදී පහර දීමට උත්සහ කළ බවට ද වාර්තා වේ.

මියගිය රන්භාණ්ඩ ව්‍යාපාරිකයා 50 හැවිරිදි යාපනය නාවලර් ප්‍රදේශයේ පදිංචි විවාහක අයෙකු වන අතර ඔහුගේ බිරිඳ හා දරුවන් කොළඹ ප්‍රදේශයේ ජීවත් වන බවටද වාර්ථාවන අතර මිය ගිය තරුණිය 21 හැවිරිදි යාපනය නාවන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි අවිවාහක තැනත්තියක් බවටද වාර්තා වෙයි.

අදාල සියදිවි හානිකරගැනීම් වලට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මළසිරුරු පශ්චාත් මරණ පරික්ෂණය වෙතට යොමු කොට ඇති බවටත් අදාල මරණයන් දෙක අතර යම් සමබන්ධයක් ඇත්දැයි යන්න පිලිබඳව පුළුල් පරික්ෂණයක් අරඹා ඇතැයිද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *