පහර දීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු පොළොන්නරු රෝහලට ඇතුළු කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.
පසුගිය 15 වනදා මෙම මරණය සිදු වී ඇති අතර, මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 46ක පොළොන්නරුව-වැවතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
පසුගිය 14 වනදා රාත්‍රියේ අදාළ පුද්ගලයා බීමතින් නිවසට පැමිණ බිරිඳ සමග ආරවුලක් ඇති කරගෙන තිබේ.
පසුව ඔහු විසින් බිරිඳට යකඩ පොල්ලකින් පහරදීමට උත්සාහ කර ඇත.
පහරදීමෙන් මවව බේරාගැනීමට මියගිය පුද්ගලයාගේ පුතා සහ දියණිය මැදිහත් වී ඇති අතර, එම අවස්ථාවේ දී පුතා විසින් යකඩ පොල්ල උදුරාගෙන පියාගේ හිසට පහරදී ඇත.
එහිදී තුවාල ලැබු පියා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඝාතනය සිදුකළ අවුරුදු 16ක් තරුණයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පොළොන්නරු පොලිසිය මඟින් මෙහෙයවනු ලැබේ.