Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාසල් සිසුන්ට සුබ පණිවිඩයක්

1 year ago 12.4 K

මෙතෙක් දිවා ආහාරය ලබා දුන් දරුවන් ලක්ෂ එකොළහක සංඛ්‍යාව, ලබන පාසල් වාරයේ සිට දෙගුණයකින් වැඩි කිරීමටත් ඒ අනුව සමස්ත පාසල් දරුවන්ගෙන් 51%ක් සඳහා දිවා ආහාර සැපයීමටත් සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා.

එසේම ජනවාරියේ පාසල් පෝෂණ වැඩසටහන ,වෙනුවෙන් අත්තිකාරම් ලෙස රුපියල් මිලියන 814 ඉක්ම වූ මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සඳහා නිකුත් කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

එසේම සහල්, පරිප්පු සහ සැමන් මෙන්ම ආහාර පිසීමට ගන්නා තෙල්ද ලෝක ආහාර වැඩසටහන හා ඇමරිකානු ආධාර යටතේ ප්‍රදානය කර ඇති අතර සතියේ දින පහේ ම දරුවන්ට ලබා දෙන ආහාර වට්ටෝරු සඳහා බත් ඇතුළත් කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *