Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නිල් චිත්‍රපට නිළි හුටපටයකට ට්‍රම්ප් ඇමෙරිකානු හිටපු ජනපති ට්‍රම්ප් අත්අඩංගුවට ?

6 months ago 2.8 K

තමාව එළඹෙන අඟහරුවාදා අත්අඩංගුවට ගනු ඇතැයි විශ්වාස කරන බව හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (18) ප්‍රකාශ කළා.

ඒ ජනප්‍රිය නිල් චිත්‍රපට නිලියක වන ස්ටෝමි ඩැනියෙල්ස් හා සිදු කළ අයථා ගනුදෙනුවකට අදාළව ඔහුට එරෙහිව ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් බවයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ.

එබැවින් ඊට විරුද්ධව විරෝධතා දක්වන ලෙස ට්‍රම්ප් සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියා.

ට්‍රම්ප් එසේ පැවසුවත් රොයිටර්ස් පුවත් සේවය වැඩිදුරටත් පවසන්නේ මෑන්හැටන් දිස්ත්‍රික් නීතිපති කාර්‍යාලය විසින් තවමත් එවැනි අත්අඩංගුවට ගැනීමක් ගැන සඳහන් කර නැති බවයි.

ඉකුත් ජනාධිපතිවරණය පරාජයට පත් වූ ට්‍රම්ප් 2024 වසරේ පැවැත්වෙන අමරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් අපේක්ෂකත්වය බලාපොරොත්තුව සිටින මොහොතකයි ඔහුට එරෙහිව මේ චෝදනාව එල්ල වෙන්නේ.

කෙසේ නමුත් ට්‍රම්ප් පවසන්නේ, තමා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබුව ද තමන් දිගටම මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන බවයි.

මේ අතර ට්‍රම්ප්ට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එක්සත් ජනපද ජනාධිපතිවරයෙකු ධුරයේ සිටියදී හෝ ඉන් පසුව – අපරාධ චෝදනාවලට මුහුණ දී නොමැති බවයි.

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *