Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගුරු මාරු අර්බුදය අවුල් ජාලයක් බවට පත්වෙයි

1 year ago 4.3 K

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පැවැති ගුරු මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරීමට කටයුතු කරන බව රජය ඊයේ (17) නිවේදනය කළේය.

ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ගුරුවරුන් 12,500කගේ සියලු මාරුවීම් අහෝසි වනු ඇති බව එම වාර්තාවල සඳහන්ය.

කෙසේවෙතත් ගුරු මාරු මණ්ඩලයේ සාමාජික පූජ්‍ය යල්වල පඤ්ඤාසේකර හිමියන් පවසන්නේ නව පාසල් වාරය ආරම්භයෙන් පසු ලබන 28 වනදා වනවිට සියලු ගුරු මාරුවීම් එලෙසම ක්‍රියාත්මක වන බවය.

“මේක අසත්‍ය ප්‍රකාශයක්. මේ වසර 5 ඇතුළත මේ ස්ථාන මාරු කිරීම් නිසා කිසිම පාසලක දරුවන්ගේ අධ්‍යාපනය පහළ වැටීමක් සිදුවෙලා නැහැ. සුපිරි පන්තියේ විදුහල්පතිවරු කිහිපදෙනෙක්. 21 දෙනෙක් මේ මාරුවලට විරුද්ධව ඉන්නවා. පරිපාලනය ඉතාමත්ම බිංදුවට වැටුණු මහන්තත්ත්වයෙන් සිටින විදුහල්පතිවරුන් 21 දෙනෙක්. විවිධ වරප්‍රසාද ලබන ගුරුවරුන් 1000ක වගේ පිරිසකටත් අවශ්‍ය විදියට අධ්‍යාපනය හසුරුවන්න අපි දෙන්නේ නැහැ.” 

“මාරුවීම් සියල්ලක්ම 28 වනදා සිට ක්‍රියාත්මක වෙනවා. එසේ නිදහස් නොකරන යම් විදුහල්පතිවරයෙක් ඉන්නවා නම් ඔහුට විරුද්ධවත් අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. සම්පූර්ණ නැවැත්තුවොත් රටම අඩපණ කරනවා කියන එක දැඩිව කියා සිටිනවා.”

මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ, එළඹෙන සඳුදුා ගුරු මාරු මණ්ඩලය කැඳවා සාකච්ඡා කර යම් යම් තීරණවලට එළඹෙන බවය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *