Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුසිල්ට ලොකු තනතුරක්

2 years ago 3.1 K

පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේ ආසියානු කලාපීය නියෝජිතයා වශයෙන් ගරු අධ්‍යාපන අමාත්‍ය සහ පාර්ලිමේන්තු සභානායක ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කර ඇත.

මෙය අන්තර්ජාතික සංවිධානයක් විසින් මෑත භාගයේ ශ්‍රී ලාංකිකයකු වෙත පිරිනමන ලද දුර්ලභ ගණයේ අවස්ථාවකි.

දුරස්ථ අධ්‍යාපනය සහ විවෘත අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා ලෝකයේ පිහිටුවා ඇති එක ම අන්තර් රාජ්‍ය සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයයි.

පොදු රාජ්‍ය මණ්ඩලය වෙනුවෙන් කැනේඩියානු රජය මෙම සංවිධානය මෙහෙයවනු ලබන අතර එය කැනඩාවේ බිට්‍රිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ බර්නබිහි පිහිටුවා ඇත.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයන් විසින් දුරස්ථ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම උදෙසා පිහිටුවාගෙන ඇති මෙම ආයතනය, සංවර්ධනය වෙමින් පවතින රටවල අධ්‍යාපන ඉඩ ප්‍රස්ථා වැඩි කිරීමට මෙන් ම ගුණාත්මක අගය දියුණු කිරීමට සහ පුහුණුව ලබා දීමට කැප වී කටයුතු කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ප්‍රවර්ධන ක්‍රියාවලියට අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් නායකත්වය ලබා දී කටයුතු කරන මෙවන් අවස්ථාවක අමාත්‍යවරයා ලද මෙම තනතුර ලාංකීය අධ්‍යාපන සංවර්ධනයෙහි ලා ඉමහත් වටිනාකමක් ගෙන දෙන බව අධ්‍යාපනඥයෝ පවසති.
Media unit

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *