Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඡන්දයට මුදල් දෙන ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනා පාර්ලිමේන්තුවට කැඳවයි! චමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් යුත් කමිටුවෙන් ප්‍රශ්න කිරීමට සැරසෙයි!

2 years ago 1.8 K

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තුන්දෙනෙකු මෙම සතියේ දී පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මුදල් ලබා නොදීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගය මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී ඇති බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නයකට අදාළවයි.

අදාළ නියෝගයෙන් පාර්ලිමේන්තුවේ මුල්‍ය බලයට හානි සිදුවන බවයි ඔහු සඳහන් කර තිබුණේ.

ඒ අනුව අදාළ අතුරුතහනම් නියෝගය ලබාදුන් ශ්‍රේෂඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු මෙම සතියේ දී පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවා ඇති බව සඳහන්.
(source – hiru news)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *