අටමස්ථානාධිපතිව වැඩ විසූ අපවත්වී වදාළ පල්ලේගම සිරිනිවාස නාහිමියන් තමන්ට තෑගි ඔප්පුවකින් ලබා දුන් කෝටි 10 ක් වටිනා නිවස සහිත ඉඩමේ ඔප්පුවට ලියාපදිංචිය ලබා දෙන ලෙස ඉල්ලා එච්.එම්. දුලාංජලී දිනේෂා කුමාරි හේරත් නමති කාන්තාවක් අනුරාධපුර දිසා අධිකරණය හමුවේ 00082/එන/2022 අංක දරන පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
අනුරාධපුර පළමු පියවරේ පිහිටි නිවස සහිත ඉඩම අංක 5493 දරන තෑගි ඔප්පුවකින් උන් වහන්සේ අපවත් වීමට දින පහකට පෙර තමන්ට ලියා දුන් බවත් , එකී නිවස සහිත ඉඩමේ ඔප්පුව ලියාපදිංචි කිරීම රෙජිස්ටර් ජෙනරාල්වරයා ප්‍රතික්ෂේප ඇති බවත් ඇය සිය පෙත්සමෙන් කියා සිටින්නී ය.
කරුණු එසේ හෙයින් මේ තෑගි ඔප්පුව වහා ලියාපදිංචි කිරීම කරන ලෙස රෙජිස්ටර් ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස දිනේෂා කුමාරි හේරත් ඉහත පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටී. ඇයගේ පෙත්සම මාර්තු 29 දින අනුරාධපුර දිසා අධිකරණය හමුවේ කැදවීමට නියමිතය.