Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දිමුත් ටෙස්ට් නායකත්වයට සමු දෙයි

1.4 K

අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව තමා නායකත්වයෙන් ඉවත් වීමට සූදානමින් පසුවන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

නවසීලන්තය සමග අද(20) පැවති නිමා වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

2019 වසරේ පැවැති දකුණු අප්‍රිකා තරග සංචාරයේ දී ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත් වූ දිමුත් කරුණාරත්න එතැන් සිට මේ දක්වා තරග 26 කදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.

ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 26 න් තරග 10 ක් ජය ගත් අතර, තරග 10 ක් පරාජයට පත් වුණා. ජය පරාජයෙන් තොරව නිමා වූ තරග ගණන 6 ක්.

අයර්ලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අප්‍රේල් 16 වැනිදා ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *