iphone භාවිත කරන පාරිභෝගිකයින්ට වට්ස් ඇප් භාවිත කිරීමේ දී නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.
Meta සමාගම විසින් මෙම හඳුන්වාදීම අයිෆෝන් භාවිත කරන්නන් හට ලබා දී ඇති අතර එය වට්සැප් විශේෂාංග පුළුල් කිරීමේ වැඩසටහන හරහා හිමිගැන්වෙනු ඇති.
WaBetaInfo හි වාර්තාවකට අනුව iOS 23.5.77 යාවත්කාලීන කිරීම මගින් මෙම වට්සැප් විශේෂාංගයට හිමිකම් කීමේ හැකියාව පවතිනවා.
මෙම වට්සැප් විශේෂාංගය Apple App Store හි ඇති බවත් එයින් බාගත කරගන්නා ලෙසත් මෙටා සමාගම දැනුම්දෙනවා.
වට්සැප් මෙම විශේෂාංගය හරහා හඬ සටහනක් පටිගත කිරීමට අමතරව එය බෙදාගැනීමේ අවස්ථාව පුළුල් කර ඇති බවත් වාර්තා වනවා.
එමෙන්ම මෙම විශේෂාංගය මගින් බෙදාගත් ඡායාරූප ආදිය උපුටා ගැනීමේ හැකියාව ද පරිශීලකයින් සතු වනවා.
මෙම ඡායාරූප හඳුනාගැනීම සඳහා WhatsApp iOS 16 API තිබිය යුතු බවත් මෙටා සමාගම වැඩිදුරටත් නිවේදනය කරනවා.