ඩොලර් අර්බුදය හෙට අනිද්දාම අවසන් වන බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරරත්න මහතා පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබා දීමට නියමිත ඩොලර් බිලියන 2.9 ක ණය මුදල හෙට දිනයේ දී අනුමත වන බවත් ඉන් පසුව පළමු ණය වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 390 ක මුදලක් හෙට (අඟහරුවාදා) වන විට ලැබෙන බවත් මහබැංකු අධිපතිවරයා පවසයි.
අයි.එම්.එෆ් ණය අනුමත වූ සැනින් ආසියානු සංවර්ධන බැංකුව හා ලෝක බැංකුව හරහා තවත් ඇමරිකානු ඩොලර් බිලියන 4.5 ක ණය මුදලක් ලැබෙන බවද මහබැංකු අධිපතිවරයා පවසයි.