යාපනයේ අච්චුවේලී ප්‍රදේශයේ තරුණියක ඇයගේ ම වැඩිමහල් සොහොයුරා විසින් දූෂණය කර ගැබිණියක් බවට පත් කිරීමේ චෝදනාව මත අදාළ සැකකරු දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
වයස අවුරුදු 22ක් වූ මෙම සැකකාර තැනැත්තා විසින් 18 හැවිරිදි තම නැගණිය ගැබිනියක් කර පසුව දරුගැබ විනාශ කිරීමට යාපනය අච්චුවේලී රෝහලට ගිය අවස්ථාවේ වෛද්‍යවරු විසින් ඒ බව පොලිසිය දැනුම්දී ඇත.
රෝහල් පොලිසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන අච්චුවේලී පොලිසියට භාර දී තිබේ.
දැරිය පූර්ණ වෛද්‍ය පරීක්ෂණයකට ලක් කර අධිකරණයට වාර්තාවක් ලබාදෙන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.