ශ්රී පාද මාවතේ පිහිටි රසකැවිලි වෙළඳ සැලකින් මිලට ගත් දොදොල් කිලෝවක් මිලට ගත් අයෙකු ඒ තුළ මී කුණක් තිබීම සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.
ඔහු සඳහන් කර ඇත්තේ අදාළ දොදොල් නිවසට ගෙනැවිත් කපා බලද්දී එහි ඒ තුළ මිය ගිය සම්පූර්ණ මීයෙකු සිටි බවයි.
ඒ සම්බන්ධයෙන් එම වෙලදසැලට දුරකථන ඇමතුමක් ලබාගත් පසු ඔවුන් එය ප්‍රතික්ෂේප කරන ලද බව ද ඔහු සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් අදාළ අංශ වෙත පැමිණිලි කරන ලද බවද ශ‍්‍රී පාද මාර්ගයේ වෙලදසැල්වලින් ආහාර ගැනීමේදී ප‍්‍රවේශම් වන ලෙසත් ඔහු ඉල්ලා සිටී.(lankacnews)