Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

imf approval for sri lanka

රටම බලා සිටි IMF තීන්දුව ලැබෙයි! ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්!

2 years ago 7.7 K

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා හෙට දිනයේදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. 

එමෙන්ම මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවත්වන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මෙරට වේලාවෙන් හෙට උදෑසන 08.00ට පැවැත්වීමට නියමිතය. 

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහ සෙසු අන්තර් ජාතික පාර්ශ්වකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළ කර තිබේ. 

සියලුම මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමග පූර්ණ විනිවිද භාවයකින් යුතුව සාකච්ඡා කොට දැඩි මූල්‍ය කළමනාකරණයක් සහ ප්‍රතිසංස්කරණ හරහා ණය තිරසාර භාවය අත්පත්කර ගැනීමට කැපවී කටයුතු කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.


 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *