ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය තුළින් හඳුනාගත් යොවුන් දඟ පන්දු යවන්නෙකු වන වියස්කාන්ත් විජයකාන්ත් හට 2023 අයි.පී.එල්. තරගාවලියට ඇරයුමක් ලැබී තිබෙනවා.
මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවන වියස්කාත්ට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ මෙම අවස්ථාව උදාකර දී ඇති බවයි වාර්තා වුණේ.
ඒ, අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තුළ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් පුහුණුවීම් අතර තුර නෙට් පන්දු යවන්නෙක් ලෙස කටයුතු කිරීමටයි අවස්ථාව හිමිව ඇත්තේ.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කුමාර් සංගක්කාර හා වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ලසිත් මාලිංග කටයුතු කරනු ලබනවා.