Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය ගැන දැනුම්දීමක්

2 years ago 2.8 K

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය යොදාගත් දිනවල නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන්ට දැනුම්දී ඇති බව වාර්තා වනවා.

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් තැපැල් ඡන්ද පත්‍රිකා අද (21 වැනිදා) තැපෑලට බාරදීමට නියමිතව තිබුණද, ඊට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා තේරීම්භාර නිලධාරීන්ට ලැබී නොතිබුණි.

පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය මෙමස 28,29,30 සහ 31 යන දිනවල පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබුණි.

නමුත් මුද්‍රණ කටයුතුවලට අදාළ මුදල් මහා භාණ්ඩාගාරයෙන් ලබා නොදීම නිසා රජයේ මුද්‍රණාලය විසින් මැතිවරණ කොමිෂන් සභාවට තැපැල් ඡන්ද පත්‍රිකා ඊයේ (20 වැනිදා) සවස් වනතුරුද ලබාදී නොතිබුණි.

රජයේ මුද්‍රණාලය විසින් දිස්ත්‍රික්ක 17 කට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කර තිබේ.

මෙම තත්ත්වය මත පළාත් පාලන මැතිවරණයද තවදුරටත් කල්යනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *