Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රටේම ආන්දෝලනයට ලක් වූ සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කළ විද්‍යා දැරියගේ නඩුවකට අදාළව අධිකරණය දුන් නියෝගය

2 years ago 8 K

විද්‍යා නමැති පාසල් දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වූ විත්තිකරුවන් විසින් ඔවුන්ට පනවා තිබෙන දඬුවමින් නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකළ අභියාචනා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.

මෙම අභියාචනා පෙත්සම් ඊයේ(20) ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල විත්තිකරුවන්ගේ අභියාචනා ඔක්තෝබර් මස 06 වනදා විභාගයට ගැනීමට දින නියම කර තිබේ.

මෙම අභියාචනා කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටින අදාළ සිද්ධියේ ප්‍රධාන විත්තිකරු වූ “ස්වීස් කුමාර්” ඇතුළු විත්තිකරුවන්ව දැඩි ආරක්ෂාව මැද බන්ධනාගාර නිලධාරීන් විසින්  අධිකරණයට රැගෙනවිත් තිබුණි.

2015 වසරේ මැයි මස 13වනදා යාපනෙයේ දී විද්‍යා දැරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයක් පැවැත් වූ යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් විත්තිකරුවන් හත් දෙනෙකුට 2017 වසරේ දී මරණීය දණ්ඩනය නියම කළේය.

එම දඬුවම නියමකර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙසත් නියෝග කරන්නැයි එම විත්තිකරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනා මගින් ඉල්ලා තිබේ.

මෙම දැරිය දූෂණය කර ඝාතනය කිරීමට අදාළ සම්පූර්ණ ලිපිය පහතින්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *