Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

imf approval for sri lanka

ශ්‍රී ලංකාවට ණය ලබාදීමට IMF ඉදිරිපත් කළ කොන්දේසි මෙන්න! නව බදු කිහිපයක් පැනවීමටත් නිර්දේශ!

2 years ago 6.7 K

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට විස්තීරණ මූල්‍ය පහසුකම් සැපයීමේ දී එකඟතා කිහිපයකට එළැඹී තිබේ.

එම එකඟතා යෝජනාවලිය ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කර ඇති අතර වසර 04 ක කාලයක් පුරා වාරික 08ක් ලෙස ලබාදෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ සහයෝගය දිගටම ලබාගැනීමට නම් එම කොන්දේසි ඉටුකිරීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටියි.

මේ සම්බන්ධයෙන් සෑම මාස 06කට ම වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමාලෝචනයක් සිදුකිරීමට ද නියමිතය.

කොන්දේසි පහත සඳහන් පරිදි වෙයි.
1. අප්‍රේල් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැළැස්ම ඉදිරිපත් කළ යුතුය

2. එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුකූලව දූෂණ විරේධී නීතියක් හඳුන්වා දිය යුතුය.

3. රජය විසින් හැකි ඉක්මණින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගත යුතුය

4. ඉහළ ආදායම් ලබන අයගෙන් වැඩි දායකත්වයක් ලැබෙන ධන බද්දක් අයකළ යුතුය.

5. 2025 වර්ෂය වනවිට දේපල බද්ද සහ ධනය හුවමාරු බද්ද හඳුන්වාදිය යුතුය

6. 2023 වර්ෂය අවසන් වනවිට උද්ධමනය 12%-18% දක්වා අඩුවීමට කටයුතු කළ යුතුය

7. ජුනි මාසය වනවිට දැනට ක්‍රියාත්මක ආනයන හා අපනයන සීමා ඉවත්කළ යුතුය

8. වැඩි විනිමය අනුපාත නම්‍යශීලීභාවයක් පවත්වාගෙන යා යුතුය

9. මහ බැංකුව වඩාත් ස්වාධීන කළ යුතුය

10. ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් හඳුන්වාදිය යුතුය

පසුගිය සැප්තැම්බර් 01 වැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිව් අවුරුදු විස්තීරණ ණය

පහසුකමක් සඳහා ශ්‍රී ලංකා රජය එකඟතාවකට එළැඹී මාණ්ඩලික මට්ටමේ ගිවිසුමක් ඇතිකරගෙන තිබිණි. එම මූල්‍ය පහසුකම ඇමෙරිකානු ඩොලර් බිලියන 03කි. එහි දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන වෙතින් ඇමෙරිකානු ඩොලර් බිලියන 07ක් දක්වා මූල්‍ය පහසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙයි.
(source – bbc news)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *