Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

IMF යෝජනා අනුව හඳුන්වා දෙන නව බදු හා අහෝසි වන බදු සම්බන්ධයෙන් ජනපතිගෙන් දැනුම්දීමක්

1 year ago 2.2 K

IMF විස්තීර්ණ මුල්‍ය පහසුකම මගින් වැටුණු රටක් යළි යථාතත්ත්වයට පත්කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, එම පහසුකම ලැබීමෙන් ජාත්‍යන්තරයේ නැවතත් ශ්‍රී ලංකාවට පිළිගැනීමක් හිමිවන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ඉදිරි ගමනේ දී රට තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් සිදුකළ යුතු බවය.

ඒ සඳහා වූ ඇතැම් කාරණා පසුගිය අයවැය තුළින් යෝජනා කර මේ වනවිට ක්‍රියාත්මක කර ඇතැයි ද පැවසු ජනාධිපතිවරයා අනාගතයේ දී සිදුකිරීමට නියමිත එවැනි ප්‍රතිසංස්කරණ පිළිබඳ මෙලෙස අදහස් පළ කළේය.

රජයේ ආදායම වැඩිකර ගැනීමේ සැලසුම පහතින්.
*2025 වනවිට ප්‍රාථමික හිඟය 2.3ක් බවට පත්කර ගැනීම.
*රාජ්‍ය ආදායම 2026 දළ දේශීය නිෂ්පාදිතයෙන් 15%ක් දක්වා වැඩි කරගැනීම.
*ආංශික බදු සහන නොමැතිව ආදායම් බදු අනුපාතය 30%ක් දක්වා වැඩි කර තිබෙනවා.
*වැට් බදු අනුපාතය 8% – 15% දක්වා වැඩි කිරීමට පියවර ගත්තා.
*වැට් බදු සඳහා ලබාදී ඇති නිදහස් කිරීමේ බද්ද ක්‍රමානුකූලව අඩු කිරීම, වැට් බදු ආපසු ගෙවීම කඩිනම් කිරීම, SVAT ක්‍රමය අහෝසි කිරීමට පියවර.
*2025 දී අවම බදු නිදහස් කිරීම සහිතව දේපළ බදු ක්‍රමය වෙනුවට ධන බද්දක්.
* තෑගී හා බූදල් බද්දක් හඳුන්වා දේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *