උද්ධමනයට ගැලපෙන පරිදි වැටුප් සහ විශ්‍රාම වැටුප් ගලපන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී IMF මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් පැවසීය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසූයේ අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලට ගනිමින් මාස හයකට වරක් විදුලිබිල ගැලපීමට කටයුතු කරන බවයි.
එමෙන්ම උද්ධමන අනුපාතය සියයට 6-4 මට්ටමකට ගෙන ඒමට කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවද ජනපතිවරයා පවසා සිටියා.