Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මෙවැනි ලප කැළැල් දුටුවොත් සැළකිලිමත් වන්න! සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් ජනතාවට විශේෂ දැනුවත් කිරීමක්!

2 years ago 9.1 K

සිරුරේ හඳුනා නොගත් ලප කැළැල් දුටුවහොත් සැළකිලිමත් වන ලෙසට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

එම කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෑතක සිට ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන් වාර්තාවීම වැඩිවෙමින් පවතින බැවින් අවශ්‍ය කඩිනම් සෞඛ්‍ය උපදෙස් ලබාගත යුතු බවය.

මේ අතර ශ්‍රී ලංකාවේ වසරකට ලාදුරු රෝගීන් 1500ක් පමණ හඳුනා ගනු ලැබෙන අතර අතර ඉන් 40% ක් පමණ බස්නාහිර පලාතෙන් හමුවී ඇති බවද එහි සඳහන් ව ඇත. 

එමෙන්ම 15% රෝගීන් කුඩා දරුවන් බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් පවසයි.

මේ අතර තම සිරුරේ ඇති මෙවැනි ලප කැළැල් පිළිබඳව සැකයක් වෙතොත් ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයේ 0754088604 අංකය වෙත වට්සැප් පණිවිඩයක් යොමුකරන ලෙසද අදාළ නිවේදනයෙන් ඉල්ලා සිටී.

එම පණිවුඩයට සැක සහිත ලප කැළලේ හෝ ගැටිත්තේ හොඳින් ආලෝකය පවතින ස්ථානයක දී ලබාගත් පැහැදිළි ඡායාරූපයක්, වයස, ස්ත්‍රී පුරුෂභාවය,ඔබ ජීවත්වන ප්‍රදේශය, ලපය හෝ කැළල පවත්නා කාලය සහ ඒ ආශ්‍රිත වෙනත් රෝග ලක්ෂණ (කැසීම, රිදීම, හිරිගතිය ) ඇතුළත් කෙටි විස්තරයක් ඇතුළත් කළ යුතුය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *