ඉදිරි සති කිහිපය ඇතුළත ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල 20%ක පමණ විශාල ප්‍රතිශතයකින් පහළ යනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
රුසියා-යුක්‍රේන යුද්ධයෙන් පසුව මෙවැනි අගයකින් බොරතෙල් මිල පහළ යනු ලබන ප්‍රථම අවස්ථාව මෙය බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
රුසියා-යුක්‍රේන යුද්ධය හේතුවෙන් පසුගිය වකවානුවේදී බොරතෙල් මිලෙහි දැවැන්ත වැඩිවීමක් සිදු වූ අතර 2021 වර්ෂයේදී එහු අගය ඩොලර් 100 ද ඉක්මවා ගියේය.
මේ අතර පසුගිය සතිය වනවිට බොරතෙල් බැරලයක මිල ඩොලර් 67 කට ආසන්න අගයක් දක්වා පහළ වැටී තිබුණි.
එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ මෙලෙස විශාල ප්‍රතිශතයකින් එක්වරම ඉන්ධන මිල පහළ යාම හේතුවෙන් ලොවපුරා ජනතාවට ඉන් විශාල සහනයක් සැලසෙනු ඇති බවය.
මේ අතර ඉන්ධන මිල සූත්‍රයට අනුව අප්‍රේල් මාසයේදී මෙරට ජනතාවට දැනෙන සහනයක් ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මීට පෙර පැවසීය.