පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කරගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (23) සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පැවති පිරිවෙන් සහ පාසල් සිසුන්ට නොමිලයේ පෙළපොත් සහ නිල ඇඳුම් රෙදි බෙදා දීමේ ජාතික උත්සවයට එක්වෙමිනි.
මේ අතර එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පාසල් ක්ෂේත්‍රයේ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් කඩිනමින් නිරාකරණය කරගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බවය.
එසේ නොවුනහොත් පාසල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බවත් ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.