රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසැල්වල 2022 වසර සඳහා වන තුන්වන වාරය හෙටින් (24) අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ 2023 වසරේ පළමු පාසැල් වාරය ලබන සඳුදා (27) සිට ආරම්භ වන බවයි.
2023 වසරේ පළමු පාසැල් වාරයේ පළමු අදියර අප්‍රේල් මස 04 වනදා අවසන් වනු ඇත.