Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කටු නැති බිත්තර ශ්‍රී ලංකාවට

2 years ago 4.3 K

රට තුළ දැඩි බිත්තර හිඟයක් පවතින බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා.

ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින්. ඔහු එහිදී ප්‍රශ්ණ කළේ කටු රහිත දියර බිත්තර ශ්‍රී ලංකාවට ගෙන්වීමේ සැලසුමක් තිබේද යන්න පිළිබඳවයි.

එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ආනයනය කිරීමට සැරසුණු බිත්තරවල කටු ආදිය ඇල්ලීමට සුදුසු නොමැති බව පැවසූ නිසා ලෝකයේ ප්‍රමුඛ පෙළේ සමාගම් භාවිතා කරන ආකාරයේ දියර බිත්තර ආනයනයට තීරණය කළ බවයි.

ඒ අනුව දියර බිත්තර කිලෝ ග්‍රෑමයක් සඳහා අයකළ බද්ද රුපියල් 1,300 සිට රුපියල් 200 දක්වා පහත දැමීමට ක්‍රියා කළ බවයි ඒ මහතා පැවසුවේ.

වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ ආනයනය කරන ලද බිත්තර බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා ලබාදීමට නිකුත් කිරීම සඳහා තවත් දින 3ක් ගතවනු ඇති බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *