Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහවැස්සේ අම්මා සොයා ගිය සිඟිති අයිය-නගෝ දෙපළ ජල පහරට ගසා ගෙන යයි

2 years ago 4.3 K

හාලිඇල බෝගොඩ පිහිල්ලේ දිය කදුරෙන් එගොඩවීමට ගිය අයියා නගෝ දෙදෙනකු ඊයේ (23) පස්වරුවේ සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන්ව ඇතැයි හාලිඇල පොලිසිය පවසයි .

මෙසේ සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් අතුරුදහන් ව ඇත්තේ හාලිඇල බෝගොඩ කොකටියමලුව ප්රවදේශයේ පදිංචිව සිටි බෝගොඩ මහ විදුහලේ 5 වසරේ ඉගෙනුම ලබන බෝදිපක්ශලාගේ යසිදු (10) සහ 2 ශ්රේ ණියේ ඉගෙනුම ලබන රශ්මි නිතීකා (7) යන අයියා නගෝ දෙදෙනා බවද පොලිසිය කීය .

ඊයේ (23) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ මොවුන් දෙදෙනා නිවසේ සිට පිහිල්ලේ කදුරට එගොඩගොඩේ නිවසක සිටි මව සොයා ගොස් ඇතැයි පොලිසිය පැවසීය .

දෙදෙනා පිහිල්ලේ දිය කදුරට බැස එගොඩවීමට ගිය අවස්ථාවේ එක්වරම ගලා ආ සැඩදියපහරකට හසුව ගසාගෙන ගොස් ඇති බවත් පොලිසිය සදහන් කළේය .

සැඩපහරේ ගසාගෙන ගිය දරුවන් දෙදෙනා ගම්මානයේ ගම්වාසීහු සොයා බැලීමේදී ඔවුන් දෙදෙනා සැඩදියපහරකට හසුවූ ස්ථානයේ සිටි මීටර් 100ක පමණ දුරකින් දියකදුරේ අයිනේරැදී තිබූ කුඩයක්, සරමක්, සෙරෙප්පු යුගලක් හමුවූ බව පොලිසිය පවසයි .

මෙම සිගිති දරුවන් දෙදෙනා මව සමඟ නිවසේ සිට ඇති අතර පියා කොළඹ ප්‍රෙද්ශයේ රැකියාවක් කරන බවද පොලිසිය පැවසීය .

සැඩපහරේ ගසාගෙන ගිය සිගිති දරුවන් දෙදෙනා සෙවීමේ කටයුතු මේ වනවිටත් හාලිඇල පොලිසියේ නිලධාරීන් ගම්වාසීන් එක්වී ආරම්භ කර ඇති බවත්  උසස් පොලිස් නිළධාරියක් කීය .

පවතින වර්ෂාවත් සමඟ පිහිල්ලේ දිය කදුරේ ජල පහර වැඩිහෙයින් අදුරේ සෙවීමේ කටයුතු සිදු කිරිම අපහසු බවද සදහන් කළේය .

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල ,පොලිස් අධිකාරි පී එම් ජයරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත හාලිඇල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ගුණතිලක මහතා ඇතුලු නිලධාරීහු වැඩිදුර පරික්ෂණ පවත්වති.
(ලංකාදීප)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *