Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පුතාගේ ක්‍රිකට් පිති පහර පියාට මරු කැඳවයි

6 months ago 3.3 K

මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ නිවෙසක ඇති වූ  ආරවුලක් හේතුවෙන් සිය පුතා විසින් ක්‍රිකට් පිත්තකින් පහරදී පියා ඝාතනය කර ඇතැයි කාත්තන්කුඩි පොලීසිය  පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන්  ව්‍යාපාරිකයකු වන ඔහුගේ 32 හැවිරිදි පුතා අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ රාජ්‍ය බැංකුවක විශ්‍රාමික කළමනාකරුවකු වන පෙරියපුල්ලේ කරුණෙයිරා (65) නැමැති පුද්ගලයෙකි. සිද්ධිය වූ ඉකුත් 16දා පස්වරුවේ පියා සහ පුතා  අතර නිවසේ ඇති ආරවුලක් දුරදිග යාමෙන් සැකකරු ක්‍රිකට් පිත්තකින් සිය පියාගේ හිසට පහරදී ඇති බව පොලිසිය සඳහන්  කරයි.

සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පියා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහි දින 4 ක් ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 21 වනදා මිය ගොස් තිබිණි. සැකකරු  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කාත්තන්කුඩි සිද්ධිය පොලීසිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ඉන්දිකා රාමනායක 

Share this:
Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *