Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇඳේ ලී වැට හත් මස් හැවිරිදි සිඟිත්තියට මරුවා කැඳවයි

1 year ago 3.1 K

ඇඳක් වටා සවිකර තිබූ ලී වැටක සිරවීමෙන් මාස 07ක දැරියක් මියගොස් තිබේ.

මෙම අවාසනාවන්ත අනතුර වාර්තා වී තිබුණේ ඌව පරණගම මස්පන්න ගම්මානයේ නිවසකිනි. 

මස්පන්න වෙලේකඩේ ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි හර්ෂණී මධුෂිකා නමැති වයස මාස 07ක මෙම දැරිය නිවසේ ඇඳෙන් වැටී ආවරණ ලී වැටේ සිරවීමෙන් එලෙස මියගෙස් තිබේ.

දැරියගේ මව නිවසේ වැඩ කටයුතුවල නිරතවී සිට පසුව ඇය නිදා සිටි ඇඳ වෙත පැමිණ තිබූ අතර එහිදී මේ බව දැක ඇත.

දැරියව එයින් මුදවාගෙන ඌව පරණගම වැවේගම රෝහලට ගෙන ගියාත් ඒ වනවිටත් දැරිය මියගොස් සිට ඇති බවද පොලීසිය කියයි.

දැරියගේ මෘතශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දියතලාව මූලික රෝහලට යොමු කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *