ගම්පහ, පල්ලෙවෙල ප්‍රදේශයේ පිහිටි පාසලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු අල්ලා ගස් බැඳ පහර දී කලිසම ගලවා සිරුර තුළට යමක් ඇතුළු කර ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන දොළොස් හැවිරිදි සිසුවකු සැක පිට අත්අඩංගුවට ගත් බව පල්ලේවෙල පොලිසිය පවසයි.
මෙම සිද්ධියට සම්බන්ධ බවට පැවසෙන තවත් සිසුන් පස් දෙනකු සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
පාසල් කාලයේ දී මෙම අතවරය සිදුව තිබේ.
බරපතළ ලිංගික අතවරයකට ලක් වූයේ යැයි කියන සිසුවා රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර මෙම සිසුවාගේ මව බස්නාහිර උතුරු දිසාව යටතේ පාලනය වන පොලිස් ස්ථානයක ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති තනතුර දරන පොලිස් පරීක්ෂකවරියක් යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අවුරුදු 12ක් වයසැති මෙම සිසුවාව විදුහල් භූමියේ ඇති වැසිකිලිය ආසන්නයේ ඇති ගසක බැඳ මෙවැන්නක් කර තිබෙන බව එම උසස් පොලිස් නිලධාරියා කීය.
එම සිසුවා පාසලේදී ගැහැණු ළමයකු ආකාරයට නිහඬව,කලබලයකින් තොරව සිටින නිසා එවැන්නක් කර ඇති බව අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුවාගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි විණි යැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැනගැනීමටඇත්ත.
මෙම බරපතළ සිද්ධිය යටපත් කර ගැනීමට පාසලේ ගුරුවරියක දැඩි උත්සාහයක නිරතව සිටින බව කියති.
මෙම ගුරුවරිය පොලිස් පරීක්ෂකවරියක් වන සිසුවාගේ මවට කිහිපවතාවක් ඇයගේ ජංගම දුරකථනයට කතා කර මෙම සිද්ධිය දුරදිග ගෙන නොයන ලෙසට බලපෑම් කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.(ලංකාදීප)