රුසියාව සතු උපක්‍රමික න්‍යෂ්ටික අවි, බෙලරුස් රාජ්‍යය තුළ ස්ථාපනය කරන බවට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අනාවරණ කර තිබේ.
යුක්‍රේන- රුසියා යුද ගැටුම් අතරතුර රුසියාවෙන් යම් න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කරනු ඇති බවට බටහිර රටවල් චෝදනා කරමින් සිටින පසුබිමක මෙම තීන්දුව ගැනීම විශේෂත්වයකි.
නේටෝ සාමාජිකත්වය දරන පෝලන්තය සමග ඇති බෙලරුස් දේශසීමාවේ මෙම න්‍යෂ්ටික අවි ස්ථාපනය කිරීමට නියමිතය.
එම කලාපයෙන් උද්ගතව ඇති අවදානම සලකා බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ කළ ඉල්ලීමකට අනුව රුසියාව මෙම තීන්දුවට පැමිණ තිබුණි.
ලබන ජූලි පළමුවනදා වන විට අදාළ අවි බෙලරුස් වෙත යැවීම සිය අපේක්ෂාව බව පුටින් පවසා ඇත.
එහෙත් එම අවිවල පාලනය බෙලරුස් රාජ්‍යය වෙත ලබා දී නොමැති බවත් සඳහන් වේ.