Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉලෙක්ට්‍රොනික් උපකරණ, ටයිල් ඇතුළු භාණ්ඩ රැසක ආනයන සීමා ඉවතට! වාහන ආනයනය ගැනත් තීරණයක්!

1 year ago 3.6 K

ඇතිව තිබෙන ආර්ථික තත්වයේ වෙනස සැලකිල්ලට ගෙන භාණ්ඩ 100-150ක් සඳහා පනවා තිබූ ආනයන සීමා ඉවත් කරන්නට තව නොබෝ දිනකින්ම රජය පියවර ගන්නා අතර වාහන ආනයන තහනම අවම වශයෙන් තවත් වසරක්වත් පවතිනු ඇතැයි භාණ්ඩාගාර නිලධාරීහු පවසති.

පරිගණක, ජංගම දුරකථන, රූපවාහිනී යන්ත්‍ර, ගෘහ උපකරණ, ලිපි ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය, ඇඳුම් ද්‍රව්‍ය සහ ඇඟලුම්, සම් නිෂ්පාදන, රූපලාවන්‍ය ද්‍රව්‍ය, වෛද්‍ය උපකරණ, අමතර කොටස්, කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, කෘෂිකාර්මික උපකරණ, ටයිල්, නාන කාමර උපාංග සහ සෙරමික් උපකරණ, ඉලෙක්ට්‍රොනික උපකරණ ආනයන සීමා ඉවත් කෙරෙන අයිතම අතර වේ.

මෙම පියවර විනිමය අනුපාත, විදේශ සංචිත සහ උද්ධමනය කෙරෙහි බලපෑමක් ඇති නොකරන්නේ නම්, ඉදිරි මාස හතර තුළ භාණ්ඩ 100 සිට 150 දක්වා ආනයන සීමා ඉවත් කිරීමට රජය කටයුතු කරන බව ඔවුහු පවසති.

ආනයනය කිරීමෙන් වසරකට ඩොලර් බිලියන දෙකක්වත් පිටට ගලා යන බැවින් එය විදේශ සංචිතවලට බලපෑමක් ඇති කරන බවත් ඒ නිසා වාහන ආනයන සීමාව තව කාලයක් පවතිනු ඇති බවත් ඔවුහු පැවසූහ.

සීමා ඉවත් කරන භාණ්ඩ ප්‍රමාණය මහ බැංකුව, කර්මාන්ත අමාත්‍යාංශය සහ භාණ්ඩාගාරය විසින් සකස් කරනු ඇති බව භාණ්ඩාගාර නිලධාරීහු පැවසූහ.

එහි අරමුණ වනුයේ භාණ්ඩ සඳහා කළු කඩයක් නොමැති බව සහතික කිරීමය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෙම සතියේ දීර්ඝ ණය පහසුකමක් අනුමත කිරීමෙන් පසුව මෙම පියවර ගෙන ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව වාහන ඇතුළු භාණ්ඩ 1500කට පමණ ආනයන සීමා පනවා ඇත. වාහන ආනයන තහනම ඉදිරි වසරක් සඳහා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ අතර, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, අනෙකුත් ණය දෙන ආයතන සහ පරිත්‍යාගශීලී රටවලින් ශ්‍රී ලංකාව තවදුරටත් ණය අපේක්ෂා කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *