Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දරුවන්ගේ උදෑසන ආහාරය සඳහා රජයෙන් දෙන මුදලින් උපන්දින පාටියක් දැමූ විදුහල්පතිනිය

2.9 K

මැදිරිගිරිය මණ්ඩලගිරිය මහා විද්‍යාලයේ ප්‍රාථමිකයේ දරුවනට උදෑසන ආහාර සඳහා වෙන් කළ මුදල් යොදාගෙන විදුහල්පතිනියගේ සැමියාගේ උපන්දින සාදය වෙනුවෙන් කෑම පිළියෙළ කරගෙන ඇතැයි පාසල් සංවර්ධන සමිතියේ මව්පියෝ පිරිසක් චෝදනා කරති.

මේ සම්බන්ධයෙන් කලාප සහ පළාත් අධ්‍යාපන කාර්යාලවලට ද ලිඛිතව දැනුම්වත් කර ඇත.

මෙම ආහාර වැඩසටහන යටතේ ඒක් සිසුවකු සදහා රජය දිනකට රුපියල් 100 වැය කරනු ලබන අතර මෙම පාසලේ ප්‍රථමික අංශයේ සිසුන් මේවනවිට 720 වශයෙන් දෛනික ආහාර වේල සදහා රුපියල් 72 000 මුදලක් රජය විසින් වැය කරනු ලබයි.

පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 05 වන දිනට යෙදුන විදුහල්පතිනියගේ ස්වාමියාගේ උපන්දින සාදයට වෙනුවෙන් ආහාර කොන්ත්‍රාත්තුව ලබා සිටින පුද්ගලයාගෙන් කිරිබත්, කොකිස්, කට්ලට් සහ කඩල යනාදිය පිසවාගෙන ඇති අතර ඒ සඳහා යොදවා ඇත්තේ දරුවන්ගේ කෑම වෙනුවෙන් වෙන් කළ මුදලින් බව ද දැනගන්නට ඇත.

සිද්ධිය වූ දින දරුවන්ට ආහාර ලබා නොදෙන බවත් එදිනට දරුවන්ට කෑමට යමක් නිවෙසින් රැගෙන එන ලෙස ඡංගම දුරකතනය හරහා කෙටි පණිවිඩයක් මගින් දැනුවත් කර ඇත.

නමුත් දරුවන්ට ආහාර ලබාදුන් බව පවසමින් ඒදින නියමිත වවුචර්පත් අත්සන් කොට ඇතැයි ද තතුදත් ආරංචි මාර්ග කියයි.

විදුහල්පතිනියගේ සැමියා ද එම ප්‍රදේශයේ වෙනත් පාසලක විදුහල්පතිවරයකු බව ද දැනගන්නට ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *