තවදුරටත් හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වා හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයේ රැඳී සිටීම ප්‍රශ්නයක් ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇති බව වාර්තා වේ.
රටේ පසුගිය මැයි මාසයේ 09 වැනිදා ඇතිවූ සිදුවීම් සම්බන්ධයෙන් නිකුත් කළ කමිටු වාර්තාව මගින් එම සිදුවීම වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට ශවේන්ද්‍ර සිල්වාට චෝදනා එල්ල වී ඇත.
ශවේන්ද්‍ර සිල්වාට චෝදනා රැසක් එල්ල වී තිබූ බවත් ඉන් මැයි 09 වන දින ප්‍රචණ්ඩකාරී සිදුවීම් මත ඔවුන්ගේ වගකීම හරිහැටි ඉටු කර නැති බවට කරන්නාගොඩ කමිටු වාර්තාව ඔප්පු වී ඇති බවද සදහන් කරයි.
එලෙස එම චෝදනා ඔහුට තිබියදී තවදුරටත් එම ධුරයේ රැඳී සිටින්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීමට විශේෂ සාකච්ඡාවක් පොදුජන පෙරමුණේ නියෝජිතයන් හා ජනාධිපතිවරයා අතර පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.