Menu

Telephone :
(076) 074 4353

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

fuel

විදෙස් බලවතුන් තිදෙනෙකුට් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 450ක් ලබාදීමට කැබිනට් අනුමැතිය

1 year ago 1.9 K

විදෙස් සමාගම් 3ක් සඳහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව පවසයි.

ඒ අනුව මෙලෙස අවසර හිමිව ඇත්තේ චීනයේ Sinopec, ඕස්ට්‍රේලියාවේ United Petroleum සහ ඇමෙරිකාවේ RM Parks of USA හා shell යන සමාගම් වෙතටයි.


RM Parks සහ Shell PLC සමාගම් එක්ව සේවා සැපයීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙමගින් අදාළ විදෙස් සමාගම් සඳහා දැනට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි නියෝජිතයින් හරහා මෙහෙයවනු ලබන ඉන්ධන පිරවුම්හල් 150ක් බැගින් මෙන්ම නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ඉදිකිරීම හරහා මෙරට සිල්ලර ඉන්ධන වෙළෙඳපොළ සඳහා පිවිසීමට අවසර හිමිවනු ඇති.

ඒ අනුව අදාළ සමාගම් වෙත වසර 20 ක් දක්වා ක්‍රියාත්මක වන බලපත්‍රයක් හිමිවන අතර එමගින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය කිරීමට, ගබඩා කිරීමට, බෙදා හැරීමට සහ අලෙවි කිරීමට අවසර හිමිවනු ඇති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *